හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි : ජනවාරි සිට ක්‍රියාත්මකයි !

හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි : ජනවාරි සිට ක්‍රියාත්මකයි !

රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් හරහා යෝජිත ශ්‍රී ලංකා පුරවැසියන් වෙනුවෙන් නිකුත් කෙරෙන ඩිජිටල් හැදුනුම් පත ලබන ජනවාරියේ සිට ක්‍රියාවට නැංවීමට නියමිත බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මෙම හැදුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්තයන්ද ඇතුළත් කිරීමට නියමිතය.

මීට ඉහත ඩිජිටල් හැදුනුම්පත ඉල්ලුම් කරද්දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණද නව ඩිජිටල් හැදුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණි.

ඒ අනුව නව ඩිජිටල් හැඳුනුම් පතක් සඳහා ඉල්ලුම් කරන විට, නම, ලිපිනය , උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය ,දුරකථන අංකය මෙන්ම ඊමේල් ලිපිනයක්ද ලබාදිය යුතුව ඇත.

අලුතින්ම හැදුනුම්පතට ඉල්ලුම් කරන්නන් හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබාදී ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබාදීම රජයේ සැලසුම වී තිබේ .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න