පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය හිස් වෙයි !

පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය හිස් වෙයි !

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (16) මධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය .

"පක්ෂයේ විධායක සභාව කැඳවලා තිබුණා. එහිදී ගතයතු තීන්දු තීරණ සහ දේශපාලන මණ්ඩලයක් පත්කළා."

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන් බැසිල් රාජපක්ෂ ඉවත්වූ බවට රාවයක් ඇති බවත් එය සත්‍යක් ද යන්න ය.

ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් මන්ත්‍රීවරයා මෙසේ පවසා තිබිණ .

"නෑ. එතුමා පක්ෂ සංවිධායක කටයුතු නිර්මාතෘ විදිහටත් කරනවා. දේශපාලන මණ්ඩලයත් නියෝජනය කරනවා. ඉතින් ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න එතුමා සහ පක්ෂය මතයකට ආවා. ඉදිරියේදී අපි ගන්න දේශපාලන තීන්දු මත ඒකට අවශ්‍ය පුද්ගලයෙකු අපි පත්කරගන්නවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න