20 -20 ක්‍රිකට් කණ්ඩායමේ බර වනිදුගේ හිස මතට !

20 -20 ක්‍රිකට් කණ්ඩායමේ බර වනිදුගේ හිස මතට !

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග වෙත පැවරීමට නියමිත බවත් වාර්තා වෙයි .

26 හැවිරිදි වනිඳු හසරංග 2019 වසරේ දී නවසීලන්තයට එරෙහි ව විස්සයි විස්ස වරම් හිමිකරගත් අතර, තරග 58කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති 20 - 20 කඩුලු සංඛ්‍යාව 91කි.

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කාලයක් අංක එකේ පන්දු යවන්නා ලෙස සිටි වනිඳු මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 03 වැනි ස්ථානයේ පසු වේ.

2021 වසරේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස දසුන් ශානක පත් කළ අතර, 2023 එක්දින ලෝක කුසලානය අතරතුර දී අබාධයක් හේතුවෙන් ඔහුව ඉවත් කර තාවකාලිකව නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට එවකට තේරීම් කමිටුව කටයුතු කළේය.

කෙසේ වෙතත් එක්දින නායකත්වය සම්බන්ධයෙන් නව තේරීම් කමිටුව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නටම ලබාදීමට නව තේරීම් කමිටුවත් කටයුතු කරන බවයි.

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව එළැඹෙන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

එහි දී ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න