Language Switcher

V2025

ඔහියේ අනවසර ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්

බොරලන්ද – හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ නොදෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ (16) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව නිරීක්ෂණය වූ බවයි.

එම තත්ත්වය වහා වළක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කරන ලෙස අදාළ ආයතනවලට දැනුම් දෙන්නැයි ද, ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විමසූ ජනාධිපතිවරයා, ඉදිරියේදි ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව පූර්ණ විස්තරයක් ලබාදෙන ලෙස ද නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.