ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඔහු 84 වියේ පසුවිය.
කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් වූ අතර එම චිත්‍රකතාව ඇසුරින් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටයද ජනාදරයට පත්විය. කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.
1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කැමිලස් පෙරේරා මහතා කාටූන් චිත්‍රකතා නිර්මාණයට පිවිසිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
