ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබේ.
එහි සභාපති මුදිත පීරිස් අද (ජන. 1) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කෙරෙන බව ය.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,250ක් දක්වා ඉහළ යනු ඇත.
එමෙන් ම, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් දක්වා ඉහළ යනු ඇත.
ඊට අමතරව, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127කින් ඉහළ ගොස් දමා තිබේ.
ඒ අනුව, එහි නව මිල රුපියල් 795ක් දක්වා ඉහළ ගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
