වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු අද (1) සිට ඉහළ නංවමින්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අනුව මෙරට බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මීට ප්‍රතිචාර දක්වමින් මත්පැන් නිෂ්පාදන සමාගම් පවසන්නේ සුරාබදු ඉහළ නැංවීමත් සමඟ මත්පැන් මිල තව දුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
