ධුරය ජලනි ගේ මසීට : චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීම ගැන සෝචනීය පුවතක් !

ධුරය ජලනි ගේ මසීට : චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීම ගැන සෝචනීය පුවතක් !

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද (09) තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඊට හේතුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීමක් බව වාර්තා වෙයි .

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ අතර තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාර දුන් බවද පැවසීය .

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවයි .

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ බිරිඳ ගේ මස්සිනා වන නයන වාසල තිලක හට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදීම වෙනුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තා වන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සිදුවීම මෙසේය

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිත සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ වියදම් පාර්ශ්වය නයන වාසල තිලක බාරගෙන ඇති අතර ඒ වෙනුවෙන් වන කොන්දේසියක් ලෙස තමන්ට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අවශ්‍ය බවට නායකත්වය දැනුවත් කර ඇත .

ඒ අනුව චමින්ද විජේසිරි ට පසුව බදුල්ල දිස්ත්‍රික්කයේ සජබ මනාප ලයිස්තුව තුළ ඊළඟ වෙන්ඩ මන්ත්‍රී ලෙස නයන සිටින බැවින් සජබ නායක සජිත් ගේ ඉල්ලීම අනුව චමින්ද විජේසිරි සිය මන්ත්‍රී ධූරයට සමුදී ඇත.

කෙසේ වුවත් මේ වන විට එය මුදල් ගනුදෙනුවක් තුළ සිදුවූවක් බවටද ප්‍රචාරයක් යමින් ඇති නමුත් අප ඒ ගැන විමසීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් සාර්ථක වූයේ නැත.

මේ අතර නයන වාසල තිලක සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අනුව ඔහු LPL ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වෙයි. එසේම ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර කටයුතු සිදුකර ඇති අතර එහිදී මැච් ෆික්සින් චෝදනා ඇති බවටද මාධ්‍ය වාර්තා පළවී ඇත.

මේ සම්බන්ධයෙන් චැතම් ස්ට්‍රීට් ජර්නල් youtube නාලිකාවේ පළවූ වීඩියෝව පහත දැක්වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න