එජාප මැයි දින රැළියේ : ෆොනීගෙන් ගීතයක්

එජාප මැයි දින රැළියේ : ෆොනීගෙන් ගීතයක්

අමාත්‍ය සරත් ෆොන්සේකා අද ( 06) කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේ පැවති එජාප මැයි දින සමරුව අවස්ථාවේ,

"අඳුරු කුටිය තුළ 

දොරගුළු ලා ගෙනගයන

ගීතිකා යදින යාතිකා

දෙවියන්හට නෑසේ

පොළොව කොටන තැන

පාර හදන තැනගිනියම් අව්වේ

මහ වරුසාවේදෙවියෝ

වැඩ ඉන්නේ...බලන්

කඩතුරා හැර දෑසේ."

යන ගීතය ඉදිරිපත් කරනු ලැබිණ. එම ගී කොටස ගැන සඳහන් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ සැබෑ දෙවිවරු සිටින්නේ වැඩ බිමේ මිස දේවාල තුළ නොවන බවය.

එසේම එදිනෙදා සිදුවීම් වලට ප්‍රතිචාර දක්වමින් ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව දුර්වල කළත් ඉදිරි මැතිවරණ වලදී දුරදිග බලා කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.

යලිත් වරක් දුෂිත රාජපක්ෂ පාලනයට මේ රටේ ඉඩක් නොතැබිය යුතු බවත් ජනාධිපති වරුන්ගේ නහය යට සිටින නිලධාරියා දක්වා ඔඩුදුවා ඇති  දුෂණය මුළුමනින්ම උපුටා ඉවත් කිරීමට සියළුදෙනා කැපවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයි ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න