අලුත් චෝදනා 3ක් ; ඇමති කිරිඇල්ල චොර වෙන්න ඔන්න මෙන්න

අලුත් චෝදනා 3ක් ; ඇමති කිරිඇල්ල චොර වෙන්න ඔන්න මෙන්න

ලිට්රෝ සමාගමට හොර පාරකින් වෙනස් ගෑස් සිලින්ඩර 

කිසිඳු පැහැදිළි හේතුවක් නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව  ලිට්රෝ ගෑස් සමාගමේ මේ වන විටත් භාවිතයේ තිබෙන  12.5 ධාරිතාවයෙන් යුතු ගෑස් සිලින්ඩරය වෙනුවට වෙනස් ධාරිතාවයකින් යුතු ගෑස් සිලින්ඩර දස ලක්ෂයක් ගැනීමට සුදානමක් පවතින බව එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ පුටුවක මැදිහත්වීමෙන් අදාළ ආයතනයක් සමඟ මේ ගැන   රහස් සාකච්ඡාවක් සිදුව ඇති බවත් මෙය රුපියල් කෝටි ගණනක සැකකටයුතු ගනුදෙනුවක් බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර වෙතින් විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් කර සිටියේ තම සමාගමට එවැනි අළුත් ගෑස් සිලින්ඩර අවශ්‍යතාවක් නොමැති බවය. එසේම එවැනි ගනුදෙනුවක් සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවද ඔහු පැවසීය.

RDB බැංකුවට දාන්න : මහනුවරින් 550 ක ලැයිස්තුවක් 

එසේම රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. එහෙත් ඒ පසුබිමේ එම බැංකුවට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඇතුළත් කිරීම සඳහා 550 ක ලැයිස්තුවක් මේ වන විට අමාත්‍යංශය තුළ සකස්ව ඇති බවත් ඒ පත්වීම් ලබාදීමට නියමිතව ඇත්තේ සම්මුඛ පරීක්ෂණ හෝ විධිමත් ක්‍රමවේදයෙන් බැහැර මුළුමනින්ම අමාත්‍යවරයාගේ හිතුමතේට බවද අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
හන්තාන රක්ෂිතයේ අක්කර 8 ක ෆයිනස් ගස් කැපුවේ කාට දෙන්නද?

මේ අතර අදාළ අමාත්‍යංශය විසින් හන්තාන රක්ෂිතයේ අක්කර 8ක තිබූ ෆයිනස් ගස් 500ක් කපා ගැනීමට ඉඩදී ඇති බවත් එය සිදුව ඇත්තේද ඉතා සැකකටයුතු ආකාරයට බවත් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඒ තුළ කිසියන් අතයට ගනුදෙනුවක් සිදුව ඇති බවට සැකසංකා මතුව ඇති බැවින් ආණ්ඩුවේ ප්‍රධානීන් මේ ගැන අවධානය යොමුකළ යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. 

ඒ බව සඳහන් කරන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යංශයේ සිටින සමයේ පවා මධ්‍යම අධිවේගයේ ගනුදෙනු සම්බන්ධව ආණ්ඩුවට බරපතළ දුෂණ චෝදනා එල්ලවූ බවත් එම අමාත්‍යංශය වෙනස් කර නව අමාත්‍යාංශයක් ලැබීමෙන් පසුව එම අලුත් අමාත්‍යංශයටද දුෂණ චෝදනා එල්ලවීම ගැටළුකාරී බවය.

එසේම එය අමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයටත් යහපාලන ආණ්ඩුවටත් ඉතා අහිතකර බැවින් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාවය ගැන විධිමත්ව සොයා බැලීම වැදගත් බවද අමාත්‍යංශ ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එසේම වෘත්තීය සමිති සතුව මෙම චෝදනාවන්ට අදාළ ලියවිලි පවතින බවත් අමාත්‍යංශ බලධාරීන් මේ අකටයුතුකම් පාලනය නොකළහොත් ඒවා මාධ්‍ය හරහා ප්‍රසිද්ධවීමට ඉඩ ඇති බවද එම ආරංචිමාර්ග අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න