Language Switcher

V2025

මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායක රැස්වීමේදී දැඩි විවේචනයක් !

ශ්‍රී ලංකා මහා බැංකුවේ සියලු නිලධාරීන් සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීමේ තීරණය අද (05) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් සියලුදෙනා ගේ දැඩි විවේචනයට පාත්‍රවූ බව වාර්තා වෙයි .

මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ අතර, ඒ වැටුප් වැඩිකර ගැනීමට අදාළ තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ය.

වඩාත් විශේෂ සිදුවීම නම් මහ බැංකුවේ ගනුලැබූ මෙම වැටුප් වැඩිකර ගැනීමට එරෙහිව විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් ද පෙනී සිටීමය.

රට ආර්ථික වශයෙන් දුෂ්කර තත්ත්වයක තිබියදී රාජ්‍ය අංශයේ සියලු වියදම් උපරිම සීමා කිරීමකට ලක්කිරීමට උපදෙස් දී තිබියදී ඒ ගැන කිසිදු තැකීමක් නොකිරීම මෙම පොදු විවේචනය ට හේතුව වී තිබිණ .