'ෆොන්සේකා ඇමති ධුරයෙන් නෙරපිය යුතුයි' - ශ්‍රීලනිප මහ ලේකම් 

'ෆොන්සේකා ඇමති ධුරයෙන් නෙරපිය යුතුයි' - ශ්‍රීලනිප මහ ලේකම් 

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේදී යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා හා ශ්‍රීලනිපයේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉතා අවිනීත ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කල ඇමති සරත් ෆොන්සේකා මහතාව වහාම ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියි.

අද මඩකලපුවේ දී ජනාධිපතිවරයා හමුවී ඔහු එම ඉල්ලීම කර ඇතැයි ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එසේම, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,  එජාප හිටපු සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට ඊයේ රාත්‍රී දුරකථන ඇමතුමක් ලබාදෙමින්, සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළකර ඇත.

අගමැති කෝපයෙන් !

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා කල ප්‍රකාශය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කෝපයෙන් සිටින බව එහිදී  මලික් සමරවික්‍රම ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

ෆොන්සේකා මහතා පසුගියදා කල එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමට ඔහුව අරලියගහ මන්දිරයට කැඳවා ඇති අගමැතිවරයා, මින් ඉදිරියට මෙවැනි වැරදි නොකරන්නැයි දැනුම් දී ඇතැයි ද ඇමති සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසා ඇත.

sarath fඅපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්, එනිසා එජාපයට මෙහෙම වුණා''  -අමාත්‍ය සරත් ෆොන්සේකා

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා එජාප මැයි දිනය අමතමින් ඊයේ (06) ප්‍රකාශ කළේය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයි ද ඔහු සදහන් කළේය.

රාජපක්‍ෂලා ඉදිරි වසර එකහමාර ඇතුලත යැවිය යුතු තැන්වලට යැවීමට කටයුතු කල යුතු බවත් එසේ නොකලතොහ් තමන් ඇතුළු පිරිසට අත්වන්නේ භයානක ඉරණමක් බවත් ඔහු එහිදී පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න