කෝටි දෙකක අල්ලස්ගත් දෙදෙනාගේ වත්කම් සෙවීමේ සුදානමක් !

කෝටි දෙකක අල්ලස්ගත් දෙදෙනාගේ වත්කම් සෙවීමේ සුදානමක් !

එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ ඉන්දීය ජාතිකයාගෙන් කෝටි 10 ක අල්ලස් මුදලක් ඉල්ලා එයින් කෝටි දෙකක අල්ලස් අත්තිකාරමක් ගැනීමේදී අල්ලස් කොමිසමේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ටී.එම්.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක යන සැකකරුවන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

දැව සංස්ථාවේ සභාපතිගේ පුතා ගැනත් අවධානය 

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ ආරංචිමාර්ග මේ බව සඳහන් කරන අතර  පී දිසානායකගේ පුත්‍රයා වන සශිමාල් දිසානායකගේ වත්කම් සම්බන්ධවද පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව ඔහු සම්බන්ධවද වත්කම් පරීක්ෂණයක් සිදුකිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද දැනගන්නට ඇත.

දේශපාලන පවුල් කිහිපයක දරුවන්ගේ වත්කම් ගැනත්  විමර්ශන 

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ඕනෑම අයෙකුගේ වත්කම් පරීක්ෂා කිරීමට එම කොමිසමට බලය ඇති අතර එම බලය උපයෝගී කරගෙන ඉදිරියේදී දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ පවුල් කිහිපයකම දරුවන්ගේ වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද අප ආරංචිමාර්ග සඳහන් කර සිටියි. 

ඒ අනුව ඉදිරියේදී කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අවසරය මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න