ගැබ්ගෙල පිළිකා දුරලීමේ එන්නත්වල හිඟයක්

ගැබ්ගෙල පිළිකා දුරලීමේ එන්නත්වල හිඟයක්

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ඇණ හිට ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගෙන් විමසීමක් කළේ ය.

ඔහු සඳහන් කළේ, මාස කිහිපයක සිට අදාළ එන්නත් හිඟයක් ගෝලීයව පවතින බවයි.

කෙසේ වෙතත් ලබන අප්‍රේල් මාසයේ මුල වන විට ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, වසර එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය එන්නත් එලෙස ගෙන්වන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න