ලොකු ලූනු අපනයන තහනම තව දුරටත් දීර්ඝ කරයි

ලොකු ලූනු අපනයන තහනම තව දුරටත් දීර්ඝ කරයි

ලොකු ලූනු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
ඉන්දියාව ලෝකයේ වැඩිම ලොකු ලූනු අපනයනය කරන රට ය.

ඉන්දියාව විසින් පැනවූ මෙම තහනම හේතුවෙන් බොහෝ රටවල ලොකු ලූනු මිල මේ වනවිට ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ද ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට ඉන්දියාව විසින් පනවා ඇති එම තහනම ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න