විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා තීරු බද්ද හා බැඳුණු නව බද්දක් හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කළේය.
අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කළ අවස්ථාවලදී රටේ භාණ්ඩවල මිල ගණන් නඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාගේ පැත්තට යොමුවීම වැනි කරුණු මෙම බද්ද අහෝසි කිරීමට හේතුවූ බව ඔහු කීවේය.
නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන දියුණු රටවල මෙන් තීරු බදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
