සිංහ හා හින්දු අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා තිබේ.
පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් පහලොස් කෝටි අනූ අට ලක්ෂ දෙදහස් නවසිය පනහක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය පවසයි.
13 වැනි සෙනසුරාදා අධිවේගී මාර්ගවල ආදායම දෙකෝටි හතලිස් හය ලක්ෂ හැත්තෑ හය දහස් හාරසීයකි .
එම කාලසීමාවේ රථවාහන හතලිස් තුන් ලක්ෂ පන් දහස් පනස් එකක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇතැයි ආර්.අයි.ඩී.කහටපිටිය මහතා සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
