අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන පත්කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම කර තිබෙන අතර ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරය පුරප්පාඩු වූ නිසා ය.
ඒ අනුව චන්ද්‍රසේන මන්ත්‍රීවරයා හෙට දිනයේ මෙම නව ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත.
පොදුජන පෙරමුණ තුළ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා ප්‍රසිද්ධව සිටින්නේ උග්‍ර රාජපක්ෂවාදියකු ලෙසය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
