සජිත් ආයෙත් පාලම තියාගෙන ඒදණ්ඩෙන් යන්න හදයි !

සජිත් ආයෙත් පාලම තියාගෙන ඒදණ්ඩෙන් යන්න හදයි !

තමන් බලයට පත් වූ වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂවාදී පොදු ජනතාවට හිතැති නව ගිවිසුමක් ඇති කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ මඟින් පවතින බංකොලොත් භාවයෙන් රට මුදාගෙන ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය අරඹන බවත් ඔහු සඳහන් කර සිටියි .

විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ හම්බන්තොට පාසලකට ප්‍රදානයක් සිදුකර එහි දේශපාලන රැස්වීමක් අමතමින් ය.

කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන ආර්ථික විශ්ලේෂකයන් විවේචනාත්මක ස්ථාවරයක් ගෙන ඇති අතර ඔවුන් පවසන්නේ විපක්ෂ නායක ගේ ක්‍රියාකලාපය හේතුවෙන් යළිත් ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවයි .

ඒ සම්බන්ධයෙන් ඔවුන් මෙසේද අදහස් දක්වයි.

" ඉතා සරලව කිව්වොත් IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්න කියලා එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා . ඒ මේ වෙනකොට ඇමරිකාවේ වොෂින්ටන් හි පැවත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද ස්ප්‍රිං සමුළුවට සහභාගී වූ අවස්ථාවේ. මේ ලැබී ඇති සහතිකය රටේ ආර්ථික ස්ථාවරත්වය රැකගෙන ඉදිරියට යාමට ඉතා වැදගත්. අපි අමතක කරන්න නරකයි , 2022 හිටපු තත්ත්වය අනුව IMF සමග වැඩසටහනක් සඳහා ඇතුල් වුනේ කොච්චර අමාරුවෙන්ද කියලා . දැන් විපක්ෂ නායක කියන්නේ ආයෙත් IMF සමග මුල ඉඳලා ගිවිසුම අලුත් කරන බවයි. ඔහු රට ලොකු අවධානමක දාන්න සූදානම් වෙන්නේ . නැත්නම් පැහැදිලිව ජනතාව රවට්ටන්න හදන්නේ . ආයෙත් මුල ඉඳලා යන්න ඕන කියන යෝජනාව පවා මුග්ධ සහ බොළඳයි . ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු සියල්ල මේ හමුවේ යළි සංශෝධනය කරන්න වෙනවා. ඒ කතා මොනවා වුණත් , ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාව 16 වතාවක් කරා වගේ 17 වෙනි වතාවෙත් ප්‍රතිපත්තිය වෙනස් කරයිද කියන සැකසංකා ඇතිකර ගැනීමේ අවධානම තියෙනවා . මේ විපක්ෂ නායක හිතුමතේ කියන කතාද නැත්නම් කාගේ උපදෙස් මත කියන කතාද යන්න ගැන ජනතාව අවබෝධය ලබන්න ඕන . නැත්නම් රටක් ඉතුරු වෙන්නේ නෑ. මේකත් අර පසුගිය වතාවේ සජිත් පාලම තියාගෙන ඒදණ්ඩෙන් ගියා වගේ කෝලමක්".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න