Language Switcher

V2025

විජේදාස පුදනකොටම කාපි යකා !

අවුරුදු උත්සව කාලේ සැපක් අරගෙන කලඑළි බැහැපු දේශපාලන ලොක්කෝ කීපදෙනෙක්ම, ජනාධිපති අපේක්ෂකත්වය ගැන මුට්ටිය දාලා බලන්න පටන් අරන්.

ඔය අතරේ ඉන්න අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කෙලින්ම වැඩේට බැහැලා.

'' තව ටික දවසයි! මම තීන්දුවක් ගන්නවා! '' විජයදාස රාජපක්ෂ කියනවා.

තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස, පාර්ශ්ව රැසකින් ආරාධනා ලැබී ඇති බවත්, තව සති කිහිපයකින් තමන් ඒ සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියලා තිබුනේ TV මයික් තොගයක් ඉස්සරහා.

"මගෙන් ඉල්ලම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක් ආගම්වල නායක තුමන්ලා ඒ ඉල්ලීමම කරලා තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් කල්පනා කරලා, මම ඉදිරි සති කිහිපය තුළ තීන්දුවක් ගන්න ඉන්නේ." - විජේදාස කියනවා.

"අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නෑ . ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ ඉදිරියේදී නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ."- කියලත් විජේදාස කියනවා.

ඔය කියන විදියට විජේදාස අද හෙටම ඇමතිකම පැත්තක දාලා, චන්ද කැම්පේන් එක පටන් ගන්න ඉඩ තියනවා කියලයි විජේදාස ඇමතිතුමාගේ සමහර ගෝලබාලයෝ කියන්නේ.

ඒ කොහොම වුණත්, ඇමති විජේදසගේ ඔය කතාවට රිටන් එක දුන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කෙනෙක් වෙච්ච තිලංග සුමතිපාල.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කිසිඳු අදහසක් නෑ කියලයි තිලංග කියන්නේ.

තිලංග සුමතිපාල එහෙව් කතාවක් කියලා තිබුනේ, සිංහල දමිළ අලූ‍ත් අවුරුද්දෙන් පස්සේ , එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු ඊයේ (16) උදැසන සුබ මොහොතින් ආරම්භ කෙරුවට පස්සේ, සංවිධානය කරලා තිබුන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කල විමසීමකදී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන, බහුතර සාමාජිකයින් ඇමති විජේදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා ඉල්ලීමක් කරලා තියනවද කියල මාධ්‍යවේදියකු අහනවා.

අහනවා නෙමෙයි, එක අස්සපු ප්‍රශ්නයක් කියල යි පේන්න තිබුනේ. ඒ කොහොම වුනත් අහපු ප්‍රශ්නෙට තිලංග මෙහෙම කියනවා.

'' විජේදාස රාජපක්ෂ කියන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් . නිමල් සිරිපාල ලට විරුද්ධ අපි විජේදාසට එකඟවෙන්න හේතුවක් නෑනේ .. කොහොමටත් අපි ජනාධිපති අපේක්ෂකයෙක් ගැන තවම තීන්දුවක් අරගෙන නැහැ ''

ඔය විදියට බලනකොට විජේදසටත් වෙලා තියන්නේ පුදනකොටම කාපි යකා සීන් එකක්..!

දේශපාලන වාර්තාකරු