Language Switcher

V2025

සිරිසේනගේ වාරණය දීර්ඝ කෙරේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය.

දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව ය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ පිරිසක් කටයුතු කර ඇති අතර , පක්ෂ අභ්‍යන්තරයේ දරුණු බෙදීමක් ද පවතී.