අභාවප්‍රාප්ත හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසට අද (19) පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, ප්‍රදේශවාසීන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එක්සත්ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
