විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය ඇදෙයි : මේ වසරේ වැටුප් වැඩි කළ නොහැකියි - රජය

විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය ඇදෙයි : මේ වසරේ වැටුප් වැඩි කළ නොහැකියි - රජය

විශ්වවිද්‍යා අනධ්‍යන සේවකයන්ට මේ වසර තුළ  වැටුප් වැඩිවීමක් සිදුකළ  නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත  දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මේ පිළිබඳව  අධ්‍යාපන අමාත්‍යංශය විසින්  ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව කොමිසම විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් 14 දෙනා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.

රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ඉදිරියට විශ්වවිද්‍යාල  අනධ්‍යන සේවක වෘත්තීය සමිති කැඳවා  සාකච්ඡා කිරීමට තීරණය වී බවද වාර්තා වන අතර එය එළැඹෙන  අඟහරුවාදා (18) පැවැත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

වැටුප් ඉහළ දැමීම  ඇතුළුව තවත්  ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් දියත්  කර ඇති වැඩවර්ජනය තවදුරටත් පැවැත්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න