Language Switcher

V2025

හිරුනිකාටගෙන් අභියාචනයක් !

තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය ව බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමන්ට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින්  නිදොස් කර නිදහස් කරන ලෙස  ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  කොළඹ මහාධිකරණයට අභියාචනයක් අද (01) ඉදිරිපත් කළාය.

වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන ලෙස  ඉල්ලමින් හිටපු මන්ත්‍රීවරිය,  ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස  මාර්ගයෙන් ගොනු කළ අභියාචනා පෙත්සම ගොනුකර ඇත.

එය අද  කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරිවරියට බාරදුන් නීතීඥවරු අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකාරිය කරමින් නිකුත් කළ තීන්දුව දෝෂ සහගත බවත් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විනිසුරුවරයා සැළකිල්ලක් දක්වා නැති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  තමන් වරදකාරිය කරමින් දුන් තීන්දුව හා තමන්ට පැනවු දඬුවම් ඉවත දමා සියළු චෝදනාවලින් තමන් නිදොස් කර නිදහස් කරන ලෙසද  ඇය ඉල්ලා සිටින්නීය.

මෙම අභියාචනා පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන 04 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා , වගඋත්තරකාර නීතිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කළේය.