මම ලෑස්තියි : ධම්මික කියයි !

මම ලෑස්තියි : ධම්මික කියයි !

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය.

එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්ව සිටියේය.

කෙසේ වුවත් පොදුජන පෙරමුණ නියෝජනය කරන ජ්‍යේෂ්ඨයන් රැසකගේ අදහස වී තිබෙන්නේ එළඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය ලබාදී ඉදිරි වසර 5 සඳහා ද රට පාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න