නොරොච්චෝලේ විෂ වායු හා අළු  අනුරපුර ජය ශ්‍රී මහා බෝධිය දක්වා ඇවිත් - ආචාර්ය රනිල් සේනානායක 

නොරොච්චෝලේ විෂ වායු හා අළු  අනුරපුර ජය ශ්‍රී මහා බෝධිය දක්වා ඇවිත් -  ආචාර්ය රනිල් සේනානායක 

නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය වීම නිසා ඇතිවන විෂ ආම්ලික තත්වයක් ඉහළ අහසේ වළාකුළුවල තැන්පත් වී ඇති බවත්, එම වළාකුළු නිරිත දිග මෝසම් තත්වයත් සමඟ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ දෙසට ගමන් කිරීමේ අවධානමක් ඇති බව පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කොළඹදී අප පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ ආචාර්ය රනිල් සේනානායක මහතා සඳහන් කළේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය වීමේදී ගෙන්දගම්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් මෙන්ම බැරලෝහ පිටවන බවයි. මෙලෙස පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් ඉහළ අහසේ වළාකුළු සමඟ එක්වී සල්ෆියුරික් අම්ලය සාදන අතර නයිට්‍රජන් ඔක්සයිඩ්වලින් නයිට්‍රික් අම්ලය ද සාදන බවයි. මේ තත්වය නිසා මේ වනවිට නොරොච්චොලේ අවට ප්‍රදේශවල ගහ කොල වෙත දැවැන්ත පාරිසරික තර්ජනයක් එල්ල වී ඇති බවත් එම ප්‍රදේශය ආශ්‍රිත උස ගස් වල ඉහළ ශාක පත්‍ර  කහ පැහැගන්වී ඇති බව නිරීක්ෂණය කළ හැකි බවත් සඳහන් කළේය.

Ranil senanayka

මෙහි  අවාසනාවන්ත තත්වය මෙම විෂ ආම්ලික තත්වයන් සහිත වළාකුළු නිරිත දිග මෝසම් තත්වයත් සමඟ අනුරාධපුරය දෙසට ගමන් කිරීමයි. කිලෝමීටර් 6ක 6.5 ක පමණ ප්‍රෙද්ශයක් පුරා පැතිරී පවතින මෙම වළාකුළු අනුරාධපුරය දෙසට ගමන් කිරීමේදී එම ගමන් පථය තුළ  අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධියද   පිහිටා ඇති බව රනිල් සේනානායක මහතා පෙන්වා දුන්නේය. ලොව පැරණිතම වෘක්ෂය මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ බඳු ජය ශ්‍රී මහ බෝධියට පවා මෙම ආම්ලික වලාකුළු මඟින් හානියක් සිදුවිය හැකි බව ඒ මහතාගේ අදහසයි. මීට අමතරව මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ද කහ පැහැති ආම්ලික තත්වයක් වර්ධනය වන බව සඳහන් කළ සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි හානිදායක ගල් අඟුරු බලාගාර නැවත තැනීමට කටයුතු කිරීම දැඩි පාරිසරික තර්ජනයක් බවයි.

මෙරට දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ පටු වාසි තකා  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පවා බිල්ලට දී ඇති බව පෙන්වා දුන් සේනානායක මහතා සඳහන් කළේ  මෙම තත්වය දේශ මංකොල්ලයක් ලෙස හැඳින්විය හැකි බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ  විකල්ප බලශක්තිය පිළිබඳ හිටපු අධ්‍යක්ෂ විදුලි ඉංජිනේරු පී. ජී ජෝෂප් මහතා ද සහභාගි විය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න