රූපවාහිනීයේ සභාපති ඉල්ලා අස්වෙයි : ITN සභාපතිත් ඉල්ලා අස්වීමේ සූදානමක් !

රූපවාහිනීයේ සභාපති ඉල්ලා අස්වෙයි : ITN සභාපතිත් ඉල්ලා අස්වීමේ සූදානමක් !


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා⁣ වෙත භාරදී තිබේ.

පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවත් වසර තුනක් තිස්සේ එම ධූරය දැරූ බැවින් දැන් ඇතැයි සිතුණු බැවින් ඉල්ලා අසවූ බවත් රවි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කොට එහි ස්ථාවරත්වයක් සකසා ජාතික රූපවාහිනිය  ජනතාව  අතර ජනප්‍රිය නාලිකාවක් බවට පත්කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බැවින් සතුටින් ආයතනයට සමුදෙන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික රූපවාහිනියේ සහ ITN : සභාපතිවරුන් ඉල්ලා අස්වෙයි !

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මුලිකත්වයෙන් ගොඩනැගූ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය නැවත ක්‍රියාකාරී කොට ඒ ගොඩනැගීමේ අපේක්ෂිත කාර්යයන් කඩිනමින් සඵල කරගැනීම උදෙසා ක්‍රියාකාරීව මැදිහත්වීම සඳහාය.

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රමුඛ මැදිහත්වීමක් සිදුකළ ඔහු මේ පිළිබඳ සිය සමීපතමයින්ට සඳහන් කර ඇත්තේ සිය ව්‍යාපාරයේ ඉල්ලීම් දිනා ගැනීම සහ ඒ හරහා සමාජය වෙත ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබාදීම වෙනුවෙන් කටයුතු කිරීමට කාලය පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බවත් ඉදිරි මාස 18 ක පමණ මේ ආණ්ඩු කාල සාමය තුළ එම ඉල්ලීම් ජයග්‍රහණය කරවීමට අපොහොසත්වීම සෝභිත හිමියන්ට මෙන්ම 2015 ජනවාරි 08 ජනවරමටද කරන බලවත් අසාධාරණයක් බවය.

ITN සභාපති සමනුත් ඉල්ලා අස්වීමේ සූදානමක 

මේ අතර ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි ද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් ඒ බව දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

ඔහුද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ඉදිරි දින කිහිපය තුළ ලබාදීමට නියමිත බවත් එය ඔහුගේ පෞද්ගලික තීරණයක් බවද දේශපාලන ආරංචිමාර්ග  සඳහන් කර සිටියි.

මේ පිළිබඳ වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාධ්‍ය කටයුතු භාර ලේකම්වරයා ලෙස කටයුතු කරන සමන් අතාවුදහෙට්ටි අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙසේ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත.

 ඒ අනුව ඉදිරියේදී ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි සේවය සඳහා නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න