වියත් මග' සාදයේ චන්දිම දැක, දොඩංගේ පුතාට මළ පනී.

වියත් මග' සාදයේ චන්දිම දැක, දොඩංගේ පුතාට මළ පනී.

කොළඹ, තරු පහේ හෝටලයක දී ඊයේ (13) පැවති ගෝඨාභය රාජපක්ෂ කරළියට ගෙන ඒමට ඔහුගේ හිතවතුන් සංවිධානය කරන ලද 'වියත් මග' සුපිරි සාදයට 'යහපාලන' ආණ්ඩුවේ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩිට පළමු පෙළ සුපිරි ආසනයක ආරාධනා පත්‍රයක් යවා ගෙන්වා ගැනීම පිළිබඳව හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩගේ පුත්, දකුණු පළාත් සභා මන්ත්‍රී ඉසුරු දොඩංගොඩට මළ පැන ඇතැයි වාර්තාවේ. 

ඉසුරු දොඩංගොඩ පොහොට්ටුව පක්ෂයේ බද්දේගම ආසන සංවිධායකවරයා වන අතර, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැරදුණු දා සිට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දර දිය ඇද, ඉකුත් පළාත් පාලන ඡන්දයේදී බද්දේගම ආසනය පොහොට්ටුවට දිනා දීම සදහා දැඩි වෙහෙසක් ගෙන වැඩ කළ අයෙකි. 

චන්දිම වීරක්කොඩි ඉසුරු දොඩංගොඩගේ නෑ සොහොයුරකු වන අතර, චන්දිම, මහින්ද රාජපක්ෂ ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ එක රැයෙන් යහ පාලන ආණ්ඩුවට ගෙඹි පිනුමක් ගසා පැන, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් කැබිනට් ඇමතිකමක් ලබා ගත්තේ මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවට පයින් ගසමිනි.

එහෙත් ඉකුත් දා පැවති පළාත් පාලන ඡන්දයේ දී මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිපයට ඡන්ද අඩුවීමත් සමග එනපොට හොද නැතැයි සිතා යළිත් එක රැයෙන් 16 දෙනාගේ කල්ලිය සමග මහින්ද රාජපක්ෂ ළගට රහසේ සේන්දු වුණු චන්දිම වීරක්කොඩි, මෙසේ ගෝඨාගේ 'වියත් මග' සුපිරි සාදයේ දී කල එළි බැස්සේ වාසියට යටවෙන රාජපක්ෂලා විසින් චන්දිම වෙත යවන ලද පළමු පේළියේ ආරාධනා පත්‍රයක් ද සමගය.

වියත් මග සාදයේ සජීව විකාශයේ දී මහින්ද රාජපක්ෂ පාවා දී 'යහ පාලන' ඇමතිකමක් ගත් චන්දිම උජාරුවට වාඩි වී සිටිනවා දුටු අමරසිරි දොඩංගොඩගේ පුත් ඉසුරු දොඩංගොඩට මළ පැන, තම සමීප ආධාරකරුවන් සමග ලුණු ඇඹුල් ඇතිව රාජපක්ෂලාගේ පතුරු අරින්නට පටන්ගෙන තිබේ.

රාජපක්ෂලාට කිසි දවසක මුල මතක නොතිබෙන බව මේ සිද්ධියෙන් ද හොදින් පැහැදිලි වන බවත්, රාජපක්ෂලා තමන්ගේ තාත්තා වූ අමරසිරි දොඩංගොඩටත් කළේ වැඩ අරගෙන කුණුගොඩට දැමීම බවත්, තම පියා මියගියේ  ඒ කළකිරීමෙන් බවත්, ඉතා වේදනාවෙන් ඉසුරු තම ආධාරකරුවන්ට කියා ඇත. බොරැ සාන්තුවරැ සේ පෙන්වා, ජනතාවගේ කර පිටින් බලයට ආණ්ඩුව ලබා ගත් පසු රාජපක්ෂ පවුල යළි 'පරණ සෙල්ලමම' කරන බව දැන් තමන්ට තේරෙන බවත්, පසුගිය ආණ්ඩුව කාලයේ නාමල් රාජපක්ෂ ලා රගපු රැගිලි යළිත් ඉදියේදී රාජපක්ෂලා බලයට ආවහොත් දැක ගත හැකි වනු ඇති බවත් ඉසුරු පවසා ඇති බව කියවේ.

කෙසේ වෙතත් තමා මෛත්‍රීපාලට එකතු නොවන බවත්, කොන්ද පණ ඇත්නම් දිනේෂ් ගුණවර්ධන වැනි ජනතාවාදී අයෙකු 'යහ පාලන' ආණ්ඩුවට එරෙහි සටන රාජපක්ෂලාගෙන් උදුරා අතට ගත යුතු බවත්, එසේ නොවන්නේ නම් මහින්ද හෝ ගෝඨා මුහුණ ඉස්සරහට දමා, පොඩිමිනිහාගේ කර පිටින් බලයට පැමිණ, නාමල් රාජපක්ෂලා දළදා මාලිගාව ඉදිරියේ රේස් පදින යුගයක් ම යළිත් උදා වනු ඇති බවත් ඉසුරු ගේ මතය වූ බව කියවේ.

32349155 10155686636112815 1966312006080266240 n

චන්දිම වීරක්කොඩි කොළඹ, තරැපහේ හොටලයක පැවති 'වියත් මග' සාදයේ දී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න