දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂධූරයට : දේශපාලන බලපෑම් !

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂධූරයට : දේශපාලන බලපෑම් !

දිඹුලාගල  කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයෙහි වැඩ ආවරණය කළ එස්. එච්. ජි. එන්. සංජිවනි  (SLEAS II) 2018.05.04 වැනි දින සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාව මතයැයි සඳහන් කරමින් පළාත් අධ්‍යාපන දේපාර්තමේන්තුවට ස්ථාන මාරු කරිම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පලකර සිටියි.

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කරමින් ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව සඳහන් කරයි.

අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියෙහි තනතුරක් වන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරය සඳහා මේ වන විට එම සේවයෙහි III වන ශ්‍රේණියෙහි නිළධාරිනියක් පළාත් අධ්‍යාපන ලේකම් විසින් වැඩ ආවරණය කිරිමේ පදනම මත පත්කර එවා ඇති බවත්  එය තීති විරෝධි පත්විමක් බවද එම ලිපියේ පෙන්වාදී ඇත.

මේ වන විට උතුරු මැද පළාත් සභාවට අදාලව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයෙක් නොමැති බවද සඳහන් කරන එම ලිපියේ  මෙම ස්ථාන මාරුවීම ආණ්ඩුකාරවරයාගේ  අනුදැනුම මත සිදුවු බව පැහැදිලි කරුණක් බවත් විධායක ශ්‍රේණියේ නිළධාරින් ස්ථාන මාරු කර ඒ සඳහා අදාල තනතුර දැරිමට කිසිසේත් නුසුදුසු නිළධාරිනියක පත්කිරිම හුදෙකලාව සිදුකල කාර්යයක් නොව පටු දේශපාලන වුමනාවක් මතම සිදුවුවක් බවද එම ලිපියේ අවධාරණය කර ඇත.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමුකර ඇති ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

"ඉතා දුෂ්කර තත්වයන් යටතේ අධ්‍යාපන ලබන සිසු දරුවන් සිටින මෙරට අධ්‍යාපන කලාප අතරින් මුල් තැනක් ගන්නා දිඹුලාගල වැනි අධ්‍යාපන කලාපයක පරිපාලනය සම්බන්ධවද මේ ආකාරයේ පටු තින්දු තිරණ ගන්නේනම් එය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත රාජ්‍ය සේවයටද ලබාදී ඇත්තේ බෙහෙවින්ම නරක පූර්වාදර්ශයකි.

එහෙයින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර පටු දේශපාලන වුවමනා මත සිදුකල මෙම ස්ථාන මාරුව අවලංගු කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් සාධාරණ කාලයක් තුල නැවත දැනුම් දීමකින් තොරව ඊට එරෙහි ක‍්‍රියාමාර්ග වලට අවතර්ණ වන බව මෙයින් දන්වා සිටිමු."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න