රටේ ආර්ථික පසුබෑම මූලික හේතුව ? - ගෝඨා කියයි : උවිඳු උත්තර බඳියි  

රටේ ආර්ථික පසුබෑම මූලික හේතුව ? - ගෝඨා කියයි : උවිඳු උත්තර බඳියි  

රටේ ආර්ථික පසුබෑමට මූලික හේතුව රාජ්‍ය දූෂණ ක්‍රියා බව පවසන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ගෝඨාභය රාජපක්‍ෂ මහතා, පාලකයන් මෙන්ම නිලධාරීන්ද දූෂණ ක්‍රියාවලින් වැළකිය යුතු යෑයි පෙරේදා (13 දා) රාත්‍රී කොළඹ ශැංග්‍රීලා හෝටලයේ පැවැති 'වියත් මඟ' මහ සමුළුව අමතමින් පැවසීය.

රාජපක්‌ෂ මහතා නෙළුම් පොහොට්‌ටුවලින් සකස්‌ කළ වේදිකාවක සිට සිය දේශනය පැවැත්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ.

රටේ ව්‍යවස්‌ථාවට සහ නීතියට අනුව සෑම දෙනාම කටයුතු කළ යුතු බව පැවසූ ගෝඨාභය රාජපක්‌ෂ මහතා රාජ්‍ය ආයතනවලින් දූෂණ ක්‍රියා තුරන් කිරීමට පියවර ගත යුතු බව පැවසීය.

මෙම වියත් මග සමුළුවට ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ ප්‍රභූන් රැසක්‌ද සහභාගි වූ අතර සමුළුව අමතා තවත් කීප දෙනෙක්‌ද කතා කළහ.
මෙම සමුළුවට සහභාගී වූ බොහෝ දෙනෙකු රැස්වීමෙන් අනතුරුව පැවති සුහද හමුවේදී  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව අනුමත කරමින් අදහස් දැක්වූ අතර රාජපක්ෂ පාලනය බිඳ වැටීමට මුලික හේතුව එදා පැවති රාජ්‍ය දූෂණ ක්‍රියා බව පිළිගනු ලැබිය.

උවිඳු අහන කතාව ?

මේ අතර මුහුණු පොතේ සිය පිටුවේ සටහනක් තබන 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය මහතා, වියත් මග වියතුන් වෙත ප්‍රශනයක් යොමුකර ඇත.
උවිඳු ගේ සටහන මෙන්න 

''යකඩ සුදාගෙ ඉඳන් ආරක්‍ෂ අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ගිණුම් නිලධාරී මහවියත දක්වා සුදු කරපටි හොරුන්ගෙන් පිරි වියත්මගේ ඔය මහ වියතගෙන් මයික් අල්ලන මද්‍යවේදීන්ට අහන්න ප්‍රශ්ණයක් දෙන්න හිතුන​. 

එයා චීෆ් ගිණුම් නිලධාරී හැටියට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් මිග් ගුවන් යානා ගන්න ගෙවපු බෙලි මිස්සා කියන කොම්පැණීය තියෙන්නෙ කොහෙද​? ඒ ගණුදෙනුවෙ ලිපි ගොනුව තියෙන්නෙ කොහෙද කියල​? එහෙම කොම්පැණියක් ලෝකෙ කොහෙවත් නැහැ. අර ෆයිල් එකත් අතුරුදහන් හරියට ප්‍රගීත් වගේ. 
වියත් ආකාරයට - ප්‍රොෆෙශනල් ආකාරයට - වැඩකරනව කියන්නෙ අන්න ඒකට තමා, "වියත් මග​" කියන්නෙත් අන්න ඒකට තාමා! එහෙම කරල "හොරු ඇල්ලුවද​?" කියල අහන එකත් වියත් වැඩක්!  ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න