ඉදිරියේදී මෛත්‍රීට කරන දේ මංගල කියයි !

ඉදිරියේදී මෛත්‍රීට කරන දේ මංගල කියයි !

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙක් පත්කර ගත්තද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිය යුතු ගෞරවනීය ස්ථානය හා පිළිගැනීම එලෙසම ලබා දෙන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ පසුගිය 12 දා මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමිනි. 
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ජිවිත පරිත්‍යාගයෙන් කල කැපකිරීම එජාපයේ කිසිවකු විසින් අමතක නොකළ යුතු බව ද මංගල සමරවීර මහතා එහිදී අවධාරණය කර සිටියේය.

මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

නැති අවුල් හදන්න එපා :

''කවුරු මොනවා කිව්වත් මෛත්‍රිපාල සිරිසේන මහතා විශාල කැපකිරීමක් කරලා තමයි අපේ පොදු අපේක්‍ෂකයා බවට එදා පත් වුණේ. එතුමා ජීවිතය කැප කරලයි ඒ තීන්දුව ගත්තේ. වැරදිලාවත් එදා බොහෝ දෙනා හිතපු විදියට පරාද වුණා නම් මම හිතන්නේ එදා ෆොන්සේකා මැතිතුමාටත් වඩා මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පළි ගන්නවා. 
එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් තමයි එතුමාව අපි දිනෙව්වේ. එතුමා ඒ කාරණාව අමතක කරලා නෑ. ජනාධිපතිතුමා විවේචනය කරලා මේ ආණ්ඩුව තුළ නැති අවුල් හදන්න එපා. මොකද දැනටත් එතුමා අපේ ජනාධිපතිතුමා.

අපි ඉදිරියේදී අපේ එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙක් පත්කර ගත්තත් අපි එතුමාට දිය යුතු ස්ථානය ඉදිරියටත් ලබා දෙනවා. 

අපිට ඉන්න කෙනා තමයි හොඳම අපේක්‍ෂකයා :

මාස 18කින් බොහෝ විට එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කරලා 2020 ජනවාරි මාසයේ අටවැනිදා වෙනකොට ජනාධිපතිවරණයට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි දැන්ම ගමට බහින්න ඕන. 

එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් අපි ඇති කරන්න ඕන. එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් අපි ලබා ගන්න ඕන. ඒ සඳහා අපි අන්තිම මොහොත දක්වා ඉන්නේ නැතිව, අපේක්‍ෂකයා කවුරු මොනවා කිව්වත් මම නම් හිතනවා දැනට අපිට ඉන්න කෙනා තමයි හොඳම අපේක්‍ෂකයා. 

ඉදිරි මාස දහඅටේදී මේ රටේ සංවර්ධනය වෙනුවෙන් දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම මම දෙන්නම්. අපි ඔක්කොම එකතු වෙලා ඉදිරි කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කරලා 2020 වෙන කොට හැංගි හොරා නෙවෙයි මම නම් ප්‍රාර්ථනා කරනවා අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනාධිපති පුටුවේ වාඩි කරලා ඊළඟ අවුරුදු පහ යමුයි කියලා.''

සබැඳි පුවත්:

2020 ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා රනිල් - ඇමැති මංගල කියයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න