මිලියන 140 පාඩුවට උත්තර දෙන්න : මහින්දට ජූලි 4 දක්වා කල් දෙයි

මිලියන 140 පාඩුවට උත්තර දෙන්න : මහින්දට ජූලි 4 දක්වා කල් දෙයි

ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් මිලියන 140 ක් පාඩුවූ බවට ගොනුකර ඇති නඩුවට අදාළ උත්තර ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට  එළඹෙන ජූලි 4 වනදා දක්වා කල් ලබාදීමට කොළඹ වාණිජ අධිකරණය අද (15) තීන්දු කර ඇත.

ඒ එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ ය.

මෙම නඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ගොනුකර ඇති අතර ඒ  පසුගිය ජනාධිපතිවරණය සමයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවලට ලංගම බස් රථ යොදා ගැනීම තුළින් තම මණ්ඩලයට රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් එම මුදල රාජපක්ෂ මහතාගෙන් අය කර දෙන මෙන් ඉල්ලා සිටිමින්ය.

නඩුවේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන අය නම් කර ඇති අතර ඒ අනුව ජූලි 4 වනදාට පෙර මෙම අලාභය සම්බන්ධව කරුණු දැක්වීමට වගඋත්තරකාර පාර්ශවයට නියමව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න