'ක්ලියෝපැට්රා' හි සැපගත් තවත් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයකු මරුට

'ක්ලියෝපැට්රා' හි සැපගත් තවත් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයකු මරුට

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් ගතකර සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයා ද මියගොස් ඇත.

පොලිසිය සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් 12.00 ට පමණ ඔහු මියගොස් ඇති බවයි.

ඔහු සමඟ රෝහලට ඇතුළත් කළ 26 හැවිරිදි තවත් රග්බි ක්‍රීඩකයෙකු මිට පෙර ජීවිතක්ෂයට පත්විය.

මොහු ඇතුලූ 22 කුගෙන් යුත් රග්බි කණ්ඩායම පසුගිය 10 වනදා මෙරටට පැමිණ තිබූ අතර, අදාළ ක්‍රීඩකයින් දෙදෙනා කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාස ගොඩනැගිල්ලේ 'ක්ලියෝපැට්රා' රාත්‍රී සමාජශාලාවකට ගොස් තිබිණ.

එහිදී අධික ලෙස මත්පැන් පානය කර නැවත ඔවුන් ලැගුම් ගෙන සිටි කොළඹ - කොටුව ප්‍රදේශයේ ලැගුම්හල වෙත පැමිණීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබේ.

මියගිය අනෙක් ක්‍රීඩකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය  අද සිදු කෙරුනු අතර මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.

එහිදී තීරණය කර ඇත්තේ එම මරණය තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදුවූ මරණයක් නොවන බවයි.

සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට තීරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න