තැපැල් ඡන්දයට දින නියම වේ

තැපැල් ඡන්දයට දින නියම වේ

2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4,5 සහ 6 දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (අගෝ. 14) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, මැතිවරණ කාර්යාලයේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට සැප්තැම්බර් 4 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.

මැතිවරණ කොමසාරිස්වරයා තවදුරට ත් සඳහන් කළේ, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට සැප්තැම්බර් 5 සහ 6 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දෙන බව ය.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලකුණු කිරීම සැප්තැම්බර් මස 11 සහ 12 යන දෙදින සිදු කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න