අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේක් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 12 කින් ය. එහි නව මිල, රුපියල් 332 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දැමීමත් සමග එහි මිල රුපියල් 377 ක් දක්වා පහළ යනු ඇති.
ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 10 කින් ය. එහි නව මිල රුපියල් 307 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 352 ක් දක්වා පහළ ගොස් ඇත්තේ, රුපියල් 3 කින් මිල අඩු කිරීමත් සමගයි.
එසේ වුවද භූමිතෙල් මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොවන බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
