තලතා මතුගමින් රනිල්ගේ වේදිකාවට !

තලතා මතුගමින් රනිල්ගේ වේදිකාවට !

පාර්ලිමේන්තුවෙන් පසුගියදා ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල මෙවර ජනාධිපතිවරණ ස්වාධින අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් හෙට (05) මතුගම නගරයේ පැවැත්වෙන ජන රැලියට සහභාගී වීමට නියමිව ඇතයි වාර්තාවේ.

තමාට අවශ්‍ය වී ඇත්තේ තනතුරු හෝ වරප්‍රසාද නොව, තවත් ගෝඨාභය කෙනෙකුගෙන් රට බේරා ගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පසුගිය 30 දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

තමා එදා පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බව ද ඇය අවධාරණය කර සිටියි.

මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? තමාට සජිත් ප්‍රේමදාස සමග පෞද්ගලික ගැටළුවක් නැතත්, ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී එම භයානක සත්‍යය අවබෝධ වූබව මන්ත්‍රීවරිය පවසයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න