රටේ තුනෙන් එකක් දරුවන් මන්දපෝෂණයෙන් (පාණ්ඩුව) පෙළෙන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිණී කුමාරි විජේරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප් .4) අනාවරණය කළා ය.
ඊට ප්‍රධාන හේතුව පෝෂ්‍යදායි ආහාර වේලක් නොමැතිකම බව ත් විශේෂයෙන් ම මධ්‍යම පළාතේ හා වතුකරයේ මේ තත්ත්වය බරපතළ බව ත් විජේරත්න පැවැසුවා ය.
මේ පිළිබඳව අවධානය යොමු කරමින් තමන් ගේන ප්‍රතිපත්ති මොනව ද? යන්නත් ඊට තිබෙන ප්‍රතිපත්ති කුමක්දැයි අදාළ බලධාරීන්ට යොමු කළ යුතු බව ද ඇය ප්‍රකාශ කළා ය.
මන්දපෝෂණය පිළිබඳ යුනිසෙෆ් වාර්තාව එදා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රතික්ෂේප කළ බවට ඇය චෝදනා කළා ය.
ළමා මන්දපෝෂණය වැඩි වන්නේ කෙසේ ද? යන්නත් ඊට ගත යුතු කෙටිකාලීන මාර්ග සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරිය මේ බව පැවැසුවා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
