ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන සන්ධානයක් අද (05) ආරම්භ කෙරිණි.
බත්තරමුල්ලේ පැවති උත්සවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන විසින් පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ සභාපතීත්වය දරනු ලැබේ.
ලේකම්වරයා වශයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ කටයුතු කරනු ලැබේ.
සන්ධානයේ නාමය සහ නිල ලාංජනය එළිදී ඒළි දැක්වූ අතර අනතුරුව පොදුජන එක්සත් නිදහස් පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊට අදාල ගිවිසුමට අත්සන් තැබුවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
