නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.
මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මෙලෙස නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය ප්‍රකාරව 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
