ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්

ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අවශ්‍ය වුවහොත් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම  පවසයි.

මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන් ඡන්දය දීමට යන බැවින් අමතර බස් රථ සේවා නොපැවැත්වෙන බවත් කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවත් පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කළේය.

එහෙත් අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නොමැති බවත් සතියේ දිනවල හා සතිඅන්ත දිනවල මෙන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවටත් වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.