මුල්ලිවයික්කාල් සැමරුමට ගිය උතුරේ වැසියන්ට හමුදාවෙන් සිසිල් පැන්

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය උතුරේ වැසියන්ට හමුදාවෙන් සිසිල් පැන්

අවසන් මානුෂිය මෙහෙයුම පැවැති මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් පසුගිය සිකුරාදා  දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් සිවිල් වැසියන් සඳහා සිසිල් පැන් දන්සලක් පවත්වනු ලැබීය.

මෙම සිසිල් පැන් දන්සල 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ පවත්වා ඇති අතර එම ප්‍රදේශයේ සිවිල් යුද්ධය හේතුවෙන් අහිමිවූ තම ඥාතීන් සිහිපත් කරමින් පැවති  සැමරුම් උත්සව සඳහා පැමිණ සිටි සිවිල්  ජනතාවට ද සිසිල් පැන් දන්සල භූක්තිවිදීමට අවස්ථව සළසා දී තිබූ බව වාර්තා වෙයි.

මීට අමතරව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ උපදෙස් මත  එම සේනාංකය යටතේ ස්ථාපිත 552 වන බලසේනාවට අයත් 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මුල්ලිවයික්කාල් සහ අනෙකුත් ප්‍රදේශයන්හිදි පැවැති විවිධ සැමරුම් උත්සවයන්ට සහභාගිවී නැවත යාපනය ප්‍රදේශය බලා වාහනවලින් ගමන් කරමින් සිටි සිවිල් වැසියන් හට අයියකච්චි ප්‍රදේශයේ දී කිරි බීම දන්සලක් ද  සංවිධානය සංවිධානය කරතිබූ බව වාර්තා වෙයි.

මෙම වැඩසටහන 552 වන බලසේනාවේ සේවයේ නියුතු සියළු නිලයින්ගේ සහයෝගය ඇතිව රට වෙනුවෙන් දිවිපිදු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට පිං පිණිස හා ඔවුන් සමරනු වස් සංවිධානය කරනු ලැබීය.  

මේ පිළිබඳ අප වෙත තොරතුරු වාර්තා කළ පාර්ශව සඳහන් කර සිටියේ උතුරු නැගෙනහිර සිවිල් වැසියන් සිය මියගිය  ඥාතීන් සිහිපත් කරමින් පැවති  සැමරුම් උත්සව පැවැත්වීම දකුණේ අන්තවාදීන් නරුම ආකාරයට විග්‍රහ කළත්, යුද්ධයට සහභාගීවූ සැබෑ සෙබළුන් එවැනි මන්ද මානසිකත්වයක නොසිටින බවට මෙම අවස්ථාව කදිම නිදර්ශනයක් වන බවය.

සැබවින්ම රට ජාතිවාදී සහ ආගම්වාදී පදනමින් ආන්තික කිරීමට වෙර දරන සමයක හමුදාව ලබාදුන් මේ පණිවිඩය සම්බන්ධව ඔවුන්ට තුති පුදකිරීමට newstube.lk  අපද මේ  අවස්ථාවක් කරගන්නෙමු.

4

5

13 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න