අප්පොච්චිට ගහන මඩේට : චතුර පුතාගෙන් උත්තර !

අප්පොච්චිට ගහන මඩේට : චතුර පුතාගෙන් උත්තර !

තම පියා ත්‍රස්තවාදියා කවුද යන්න වගේම රණවිරුවා කවුද යන්න හොඳින් දන්නා බවත් මාධ්‍ය සහ ඇතැම් පිරිස් ඒ ගැන පටළවා ගත්තට කරන්නට දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කරයි.

එසේම තම පියා ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා සියළු තනතුරු වරප්‍රසාද අත්හැර  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයදීමට ගිය අයෙකු බවත් නමුත් අද ඇත්තේ වෙනස් තත්ත්වයක් බවත් ඒ තුළ සමස්ථ ජාතිය එක්සත් කරගෙන අභිමානවත් ජාතියක් වෙනුවෙන් නව දැක්මකින් යුතුව  ඉදිරියට යාමට තිබෙන බවද මන්ත්‍රීවරයා පවසා සිටියි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

සිය පියා මෙන්ම රනිල් වික්‍රමසිංහ, අනුර බණ්ඩාරනායක කාලයක් තිස්සේ LTTE ඝාතන ලයිස්තුවේ සිටි බවත් රාජිත ඇමතිතුමා තරම් එල්ටීටීඊ සංවිධානයෙන් පීඩාවට ලක්වූ දකුණේ වෙනත් දේශපාලනඥයකු නොමැති බවත් සඳහන් කල මන්ත්‍රීවරයා  තොටළඟ බෝම්බයට හසුව පපු කුහරයේ බෝම්බ කැබලි දෙකක් සහිතව එදා වේදිකාවේ සිටි පිරිසෙන් අද ජීවත්ව සිටින්නේ තම  පියා පමණක් බවද සිහිපත් කර සිටියි.

LTTE  ඝාතන ලයිස්තුවේ පියා සිටි බැවින් 1998 වසරේ තම නිවසට විශාල හමුදා ආරක්ෂාවක් යෙදවූ බවත් පස් ගුණයකින් වැඩි ආරක්ෂාවක් පියාට හිමිවුණ බවත් ඒ පසුබිමේ මේ ඇත්ත කාරනා ඇතැමුන් වසං කරමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න