ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි ආපදා කලමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහතකට පෙර ආපදා කමිටුව රැස්ව ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම දිවයින පුරා ඇතිව තිබෙන ආපදා තත්වය හේතුකොට ජනතාවට සහාය දීම සහ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයට මුහුණ දිය යුතු ආකාරය පිළිබද මෙහිදී සාකච්ඡා වී ඇත.
මේ අතර අාපදාවන්වලදී සහන සැලසීම සඳහා සියලුම දිස්ත්‍රික්ක සඳහා මේ වන විට දිසාපතිවරුන්ට රුපියල් මිලියනය බැඟින් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
මේ අතර ඔබ ප්‍රදේශයේ ඇතිවී තිබෙන ආපදා තත්වයන් දැනුම් දීම සදහා රජය විසින් දුරකථන අංක නිකුත් කර ඇති අතර එය පහතින් දැක ගත හැකි ය.
0112136136


අමාතය දුමින්ද දිසානායක මහතා ප්‍රමුඛ ආපදා කළමනාකරණ කමිටුව රැස් ව සාකච්ඡා කරන අයුරු ඡායාරූප newstube.lk වෙත ලැබී තිබේ.
එම ඡායාරූප පහතින්




