සයිටම් සිසුන්ට වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයෙනුත් කොක්කක් !

සයිටම් සිසුන්ට වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයෙනුත් කොක්කක් !

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන්  විෂයන් 3 ක් සමත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට ඇතුළු කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් හරහා යෝජනා කර ඇති බවත් තමන් එම යෝජනාවට   දැඩි විරෝධය  පළ කරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කර සිටියි.

 ජීව විද්‍යා අංශයෙන්  විෂයන් 3 ක්  සමත්වීම හෝ රාජ්‍ය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීමේ සුදුසුකම්  සම්පුර්ණ කර තිබීම ,සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ මුලික සුදුසුකම වන බවට කැබිනට් පත්‍රිකාවේ  සඳහන් වන බවත්  එය කිසිසේත් පිළිගත නොහැකි නිර්නායකයන් බවත් ඔවුන් සඳහන් කර ඇත.

වෛද්‍ය පීඨ ආචාර්ය සම්ති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනුජ් වීරසිංහ පවසා ඇති ආකාරයට ජීව  විද්‍යා අංශයෙන්  සී සාමාර්ථ 2 ක් හා S  සාමාර්ථය සහිත අවම ඇතුළත්  වීමේ  සිදුසුකම්  නැති සයිටම් සිසුන් කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුළු කරීමටත් ප්‍රමාණවත් පුහුණුවක් හා ඇගයීමක් සිදු කර නොමැති බවත් එබැවින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් ඔවුනට  උපාධිය පිරිනැමීමට එම සංගමය  විරෝධය පළකර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න