ගෝඨාට මුස්ලිම්වරුන්ගේ සහය ලබාදීමට ශ්‍රීලනිප ඇමතියෙක් එකඟවෙලා !

ගෝඨාට මුස්ලිම්වරුන්ගේ සහය ලබාදීමට ශ්‍රීලනිප ඇමතියෙක් එකඟවෙලා !

ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම අවාසි සහගත වේ නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම සඳහා වහාම අභ්‍යන්තර වැඩපිළිවෙලක් සැකසිය යුතු බවට තීරණය කර ඇති එම පක්ෂයේ 16 කණ්ඩායමේ කිහිප දෙනෙකු, මේවනවිට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව  නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ජා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ජාවක්  ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයකුගේ අමාත්‍යංශ කාර්යාලයේ ඊයේ (21) පැවති බවත් 16 කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ඇමති චන්දිම වීරක්කොඩි මහතා ඊට සහභාගී වී ඇති බවත් එම ආරංචිමාර්ග කියා සිටියි.

මෙහිදී ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරිත්වය දැඩිව විවේචනය කර ඇති අදාල ඇමතිවරයා, මුස්ලිම් ප්‍රජාව ආණ්ඩුවට කෙරෙහි දැඩි ලෙස කලකිරීමෙන් සිටින බව සඳහන් කර ඇතැයි පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට  ඉදිරිපත් වුවහොත් අන්ත පරාජයක් ලබන බව මෙහිදී සාකච්ජාවට ලක්ව ඇති බවත්, ඒ අනුව මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දැන්තියාම සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය වී ඇති බවත් වාර්තාවේ.

ඒ අනුව මුස්ලිම් ආගමික නායකයින් කිහිප දෙනෙකු ඉදිරි සතියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මුණගැස්වීමට අදාල ඇමතිවරයා, චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාට පොරොන්දු වී ඇතැයි ද පැවසේ.

තමාගේ ආරක්ෂාව සඳහා බොදු බල සේනා සංවිධානය සමගද රහස් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව අදාල ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධානයේ සමුළුවට සහභාගී වූ අතර එම කණ්ඩායමේ ප්‍රධානියකු වන හිටපු ඇමති ජෝන් සෙනවිරත්න මහතා ඉදිරි ජනධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කල යුතු බව ප්‍රසිද්ධියේම පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න