දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 38046ක් පීඩාවට

දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 38046ක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත‍්‍රික්ක 19 ක පවුල් 9817කට පමණ අයත් පුද්ගලයින් 38,046 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට  මුලතිව්, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, පුත්තලම, මොණරාගල, මාතර, හම්බන්තොට, වව්නියාව, ගම්පහ, මාතලේ සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්ට අයහපත් කාලගුණයේ  වැඩි බලපෑමක් එල්ල වී ඇත. 

එසේම මේ වන විට  අකුණු සැර වැදීම්, ගස් හා  පස් කඳු කඩා වැටීම ඇතුළු හේතුවෙන් මේ වන විට මරණ අටක් ද වාර්තා වී ඇති බව කියවේ.

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අවධානම් නිකුත් කරයි 

මේ අතර දිස්ත්‍රික්ක 08කට නිකුත් කර ඇති නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසයි.

අද(22) පස්වරු 5.00 දක්වා මෙම අනතුරු ඇගවීම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.

කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අදාළ දිස්ත්‍රික්කවල නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටිම්, පොළව ගිලා බැසීම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න