Language Switcher

V2025

ගෝඨා කියන්නේ අධිකරණය මඟහැරපු අපරාධකාරයෙක්, භීෂකයෙක් : ඉතිං මං ඔහුට බයයි - මංගල කියයි ( විඩියෝ)

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිටින සමයේ ඔහු සිදුකල  වැඩ හොඳින්ම දන්නා නිසා තමන් ගෝඨාභය රාජපක්ෂට  බියක් දක්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශයේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නය වූයේ, "ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා ඔබතුමා එතුමගේ හැකියාව ගැන දන්න නිසා බය වෙලා කියලා. ඇත්තටම බය ද?" යනුවෙනි.
 
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේ  එතුමාගෙ වැඩ ගැන දන්න නිසා මම එතුමට බයයි කියන කතාව ඇත්තම ඇත්ත. මොකද මම විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂට පුදුම බයක් තියෙන්නෙ මොක ද එතුමගෙ හැකියාවන් ගැන මට හොඳ දැනුමක් තියෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත සිදු වී ඇති බවට සැකකෙරෙන අපරාද මෙතන තියෙනවා" යනුවෙනි.

එසේ සඳහන් කරමින් අමාත්‍යවරයා පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර  අවිධිමත් ලෙස රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දීම ඇතුළු ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අරපාධ කිහිපයක් සම්බන්ධ පවතින නෛතික කටයුතු එම පත්‍රිකාවේ සටහන්ව තිබිණ.

පසුව එම කරුණු එකිනෙක මාධ්‍ය වෙත විස්තර කරන්නටද අමාත්‍යවරයා කටයුතු කර සිටියේය.

කිත්නොයාර් පැහැරගැනීම.

යුද හමුදා බුද්ධි සාමාජිකයන් විසින් 2008 – 05 – 20 දින දෙහිවල දී ද නේෂන් පුවත්පතේ කර්තෘ පැහැරගෙන ගොස් රඳවා තබාගෙන අමානුෂික ලෙස පහර දීම. මේජර් ජනරාල් අමල්කරුණාසේකර ඇතුළු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මම හිතන්නෙ අමල් කරුණාසේකර ඇරෙන්න සෙසු සැකකකරුවන් නිදහස් කළා. හැබැයි මම හිතන්නෙ අමල් කරුණාසේකරටවත් මේ අනිත් සාමාජිකයන්ටවත් කීන් නොයර් ගැන තරහක් තිබුණෙ නෑ. මේ අය කරන ලද්දේ අපි දන්න විදියට ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කිරීම.

ඝාතන

2009-01-08 වැනි දින ගල්කිස්ස පොලිස් වසමේ දී බුද්ධි අංශ සාමාජිකයන් විසින් සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා උල් ආයුධයකින් ඝාතනය කිරීම. බුදු අම්මෝ මේ වගේ ඒව අහනකොට බය වෙන්නෙ නැත්ද? වැලිකඩ බන්ධනාගාරයේ දී රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීම. ඒ වගේම යුද්ධ හමුදා බුද්ධි සාමාජිකයන් විසින් රිවිර කර්තෘ උපාල් තෙන්නකෝන්ට පහර දීම. එක්නැලිගොඩ පැහැර ගැනීම මේ ඔක්කොම අපි දන්නව මේ හැම එකක් ම පිටුපස හිටියේ අපි බය විය යුතු ගෝඨාභය රාජපක්ෂ.
 
රතුපස්වල ඝාතන

අර වැලිවේරියේ දී උද්ඝෝෂණයේ යෙදුණ අයට පහර දීම. හමුදාවෙ අයට මේව කරන්න කිසිම උවමනාවක් නෑ. ඔවුන්ට මේව කරන්න වුණේ රාජකාරියෙම කොටසක් විදියට. උදාහරණයක් විදියට එක්නැලිගොඩ සාක්ෂි විභාගයේ කට උත්තරේ ම තියෙනව කට උත්තරේ දීපු බුද්ධි අංශ සාමාජිකයව එක්කගෙන යන්න ගෙදරට ආපු අනිත් පුද්ගලය කියල තියෙන්නෙ එන්න යන්න මේක සෙකට්රිගෙ වැඩක් කියලයි. කවුද මේ සෙකට්රි. මෙයා භීෂකයෙක් විතරක් නෙවෙයි පල් හොරෙක්. දූෂිතයෙක්. වංචනිකයෙක්.
 
ඇවන්ගාඩ් ගණුදෙනු

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය, වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය. ඇත්ත වශයෙන් ම ඉතාම වටිනා මා පිය යුවලක්. ස්මාරකයක් හදල සැමරිය යුතු පුද්ගලයන්.  නමුත් රටේ සල්ලි හොරකං කරල තමන් අනුස්මරණය කළා කියල දැන  ගත්තනං එයාලත් කණගාටු වෙනව කියල මම දන්නවා.

මිග් යානා ගනු දෙනුව

මේ ගනුදෙනුව කියන්නෙ ආරක්ෂක ලේකම්වරයා හොඳන් ම දැන දැන එංගලන්තයේ ඇඩ්‍ර්ස් එක නැති බෙලීසිමා කියල ආයතනයකට චෙක් එකක් ලිවුවා. ඒ ලබා දුන්න චෙක් එකයි යුක්‍රේනයේ රජයට ලැබුණ චෙක් එකයි අතර ඩොලර් මිලියන 7.8ක වෙනසක් තිබ්බා. ඩොලර් මිලියන 7.8ක මහා හොරකමක් වුණා. මේවට උත්තර දෙන්නෙ නැතුව අපට මඩ ගගහ මෙයා මොකද කරන්නෙ උසාවියෙනුත් හැංගෙනවා. උසාවියට යන්න ඉස්සර වෙලා කෝටි ගණන් වියදම් කරල දක්ෂ නීතිඥයො එකතු කරගෙන උසාවියෙන් තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියල නියෝග දැන් දෙකක් අරගෙන තියෙනවා. ඔය කියන තරම් මෙතුමා අහිංසක නම් මම කියන්නෙ උසාවියට මුහුණ දෙන්න.
 
රනිල් චෝදනාවලට උත්තර දෙන්න බටලන්ද කොමිසම හමුවට ආවා : ඒත් ගෝඨා බයේ පැනලා යනවා 

අගමැතිතුමා ගැනත් මෙතුම එදා මතක් කරල තිබුණ ඇත්ත වශයෙන් ම අගමැතිතුමාට බටලන්ද ගැනත් විවිධ දේවල් කියනකොට එතුම ගිහින් හැංගුනේ නෑ. එදා ජනාධිපති කොමිසන් සභාවට මුහුණ දීල චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක කොමිසන් සභාවෙන් ම එතුම එහෙම දෙයක් නොකළ බවට ඔප්පු කළා. ඊට පස්සෙ කාටවත් ඒ ගැන කතා කරන්නෙ නෑ. කතා කරන්නත් බෑ. එතුමා බයේ පැනල ගියේ නෑ. එතුමට හංගන්න දෙයක් තිබුණ නෑ.

ඊයේ පෙරේදා බැඳුම්කර කොමිසමට එන්න කිවුව. ලංකාවේ අග්‍රාමාත්‍යවරයකුට එහෙම කොමිසමකට එන්න කිවුව නං එන්න කිවුව මිනිහ හොයා ගන්නත් නෑ. නමුත් අපේ අගමැතිතුමා බොහෝම නිහතමානීව එතනට ගිහිල්ලා සාක්ෂි දීල ආව. මෙන්න මෙන්න මේකයි වෙනස.

ඒ නිසා මම ගෝඨාභය රාජපක්ෂට කියන්නෙ කරුණා කරල අභූත චෝදනා නගන්නෙ නැතුව මේ මම කියපු දේවල්වලට පිළිතුරු දෙන්න. තමන්ගෙ නිර්දෝශීභාවය ඔප්පු කරන්න.