කෝටි දෙකේ අල්ලස් නඩුව : ඉඩම් අමාත්‍යංශයේ ලියවිලි සියල්ල අතුරුදහන් !

කෝටි දෙකේ අල්ලස් නඩුව : ඉඩම් අමාත්‍යංශයේ ලියවිලි සියල්ල අතුරුදහන් !

කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත‍්‍රිකාවලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව අනාවරණය වී ඇත.

ඒ හිටපු  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම  සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු  සභාපති පී.දිසානායක රුපියල් කෝටි 2 ක අල්ලස් අත්තිකාරමක් ලබාගැනීමේදී  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට පත්වීම සම්බන්ධ නඩුව ඊයේ (22) කැඳවූ අවස්ථාවේ දීය. 

එහිදී  අල්ලස් කොමිසමේ නිලධාරීන්  කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක වෙත දන්වා සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබාදීම ඇතුළුව අල්ලස් ගැනීමේ සිදුවීමට අදාළ විමර්ශන කටයුතු සඳහා ඊට අදාළ  රජයේ කාර්යාල වල ඇති ලිපි ලේඛන ඉල්ලූ අවස්ථාවේ දී ඉඩම් අමාත්‍යංශය මේ බව දැනුම් දුන් බවය. 

එසේම මේ සම්බන්ධයෙන් සොයා බලා අදාළ ලේඛන ලබාදීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යංශය දැනුම් දුන් බවද අල්ලස් කොමිසමේ නිලධාරීන්  අධිකරණයට දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න