තිලංගට එරෙහිව පිටු 1500ක විරෝධයක්

තිලංගට එරෙහිව පිටු 1500ක විරෝධයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිධුරය සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් නාම යෝජනා ලබාදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් සභාපති තිලංග සුමතිපාල ට එරෙහිව පිටු 1500 කින් යුතු විරෝධතාවක් ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වෙයි.

මෙවර නිලවරණය සඳහා සභාපතිධුරයට ඉදිරිපත්ව සිටින නිශාන්ත රණතුංග පාර්ශවයෙන් මෙම විරෝධය ගොනුකර ඇත.

ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීමට නියමිතව තිබූ කාලය 22 වනදා පස්වරු 3.00 ට අවසන්වූ අතර මෙම විරෝධතා දැක්වීමේ කාලයද ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් මෙවර නිලවරණයේ තවත් සභාපති අපේක්ෂකයකු වන ජයන්ත ධර්මදාස ද විරෝධතා දක්වා ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න