සූර්ය බලශක්තිය භාවිතය තාවකාලිකව නවත්වන්න - ලංවිම ඉල්ලයි

සූර්ය බලශක්තිය භාවිතය තාවකාලිකව නවත්වන්න - ලංවිම ඉල්ලයි

නිවාසවල වහලය මත සවිකර ඇති සූර්ය පැනල හෙට (13) සිට ලබන 21 දක්වා දිවා කාලයේදී තාවකාලිකව නවතා දමන ලෙසට විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන ඉල්ලා සිටී.

ඒ පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම අරමුණු කරගනිමිනි.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ හෙට සිට ලබන 21 දක්වා පස්වරු 3.00 දක්වා එලෙස සූර්යය බල පද්ධති අක්‍රීය කිරීමට කටයුතු කරන ලෙසයි.

අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමට පහත වැටි ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියේ පැවැත්මට අසාමානය බලපෑමක් එල්ල කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටි ඇති අතර ඒ හේතුවෙන් විදුලිය ඉතා සුළු වශයෙන් ඉහළ පහළ යාමක් සිදු වුවහොත් එමගින් රටපුරා විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බව, විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් සූර්යය පැනල එම කාලසීමාව තුළ අක්‍රිය කරන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න